දැරියක් බියගන්වා අපයෝජනය කළ සැකකරුවෙක් රිමාන්ඩ්

වයස අවුරුදු 12ක දැරියක් බියගන්වා කලක් තිස්සේ අපයෝජනය කල සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම දැරිය පාසල්යෑම සහ නිවසේ සිටීම ප්‍රතික්ෂේප කරමින් අසාමාන්‍ය ලෙස හැසිරීම හේතුවෙන් ඇයගේ මව සිදුකළ විමසීමකදී දැරිය මේ බව පවසා ඇති අතර පසුව පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන බවට පුවරු සවිකොට කුලියාපිටිය පල්ලේවෙල ප්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. එක්දරු පියෙකි.

දැරිය පවසා ඇත්තේ විශ්ව ශක්තියෙන් කුසට දරුවෙක් ලබාදෙන බව පවසමින් අදාළ පුද්ගලයා ඔහුගේ ජංගම දුරකථනයේ අසැබි දර්ශන නරඹන ලෙසට බලකරමින් තමන්ව අපයෝජනය කළ බවය. සැකකරු වසර දෙකක පමණ කාලයක සිට එලෙස දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත

සැකකරුගේ නිවස යාබද නිවසක පදිංචිව සිටි දැරියක් මෙම අපයෝජනයන්ට ලක්වී තිබෙන අතර මෙම සිද්ධිය නිසා දැරිය පාසල්යෑම ප්‍රතික්ෂේප කරමින් නිවසේ රැඳීසිටීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳව ඇයගේ මව විසින් දැරියගෙන් විමසීමේදී දැරිය මෙම අමිහිරි අත්දැකීම පවසා ඇත.

තවත් දැරියන් මෙම අපරාධයට ගොදුරුවී ඇත්දැයි සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කර තිබේ.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

Werzuo Digital

Leave a Reply