මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බද්දේගමදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව අද (14) පෙරවරුවේ දික්වැල්ල ප්රදේශයේ ඇගලුම් කම්හලක සේවය සදහා යමින් සිටිය දී මෙලෙස පැහැරගැනිමට ලක්ව ඇති බවත් දක්ෂිණ අධිවේගි මාර්ග පොලිසිය කරන ලද දැනුම් දීමකට අනුව මොවුන් අදාළ කාන්තාව පැහැරගෙන යමින් සිටිය දී බද්දේගම පොලිස් රථවාහන අංශයේ නිලධාරින් විසින් බද්දේගම නගරය ආසන්නයේ දී එය නවතා පරීක්ෂා කර තිබෙන බව පොලිසිය පවසයි.
එහි දී මෝටර් රථයේ පිටුපස සිටි පුද්ගලයා රථය අගුලු දමා තියුණු ආයුධයක් ගෙන කාන්තාවට තර්ජනය කර එහි රදවාගෙන සිට ඇති බවත් පසුව එම ස්ථානයේ සිටි පොලිස් සැරයන්වරයා අහසට වෙඩි තබා මෝටර් රථයේ පිටුපස වීදුරුව කඩා ඒ තුළ සිටි සැකකරු සහ කාන්තාව පිටතට ගෙන තිබේ.
කාන්තාව හා සැකකරු කැපුම්තුවාල හේතුවෙන් ප්රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුළත් කර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද රියදුරු 23 හැවිරිදි වලස්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් සැකකරුද වලස්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි