කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් 06 දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි.
රිදීගම ප්‍රදේශයේ පිරිසක්, වැලිමඩ ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ පසුවු එක් කාන්තාවක් මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් කැප්පෙටිපොල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.