රුහුණ විශ්වවිද්‍යාලයීය AIESEC සමාජය සංවිධානය කල YOUTH SPACE 2.0 වැඩසටහන සාර්ථකව අවසන්

යෞවනයට අවකාශයක් වෙන්කිරීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයීය AIESEC සමාජය විසින් දෙවන වරටත් සංවිධානය කළ , YOUTH SPACE 2.0 වැඩසටහන පසුගියදා රුහුණ විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයෙහි ප්‍රධාන ශාලාවේදී පසුගිය (28) ඉරිදා පැවැත්විණ.


අ.පො.ස උසස් පෙළින් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු සිසුන්ගේ රැකියා ක්ෂේත්‍රය තෝරාගැනීම සම්බන්ධව ඔවුන්ට පුළුල් වූ අවබෝධයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.

පෞරුෂ වර්ධනය, සංගීත, කලා අංශය, ව්‍යවසායකත්වය, රූපලාවණ්‍යය, සංචාරක කර්මාන්තය, සූපවේදය, නිවේදනය, ඡායාරූපකරණය සහ හැකියා සංවර්ධනය සම්බන්ධව විද්වත් මණ්ඩලයක් විසින් මෙහිදී සිසුන් දැනුවත් කරන ලදී

පාසල් සිසුන් සහ නවක විශ්වවිද්‍යාලයීය සිසුහු 2000 කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා සහභාගි වී ඇත. මෙම ව්‍යාපෘතියේ පළමු දින තුන මාර්ගගත ක්‍රමය ඔස්සේත්, අවසාන දිනය රුහුණ විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයෙහි ප්‍රධාන ශාලාවේ දීත් පැවැත්විණ.

අවසාන දින වැඩසටහන රුහුණ විශ්ව විද්‍යාලයීය උප කුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය සුජීව අමරසේන, හපුගල ඉංජිනේරු පීඨ පීඨාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

Werzuo Digital

Leave a Reply