අහංගම වැල්හේන්ගොඩ මුහුදු වෙරළේ පාවෙමින් තිබූ මළසිරුරක් අද (07) පෙරවරුවේ හමුවී ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා අහංගම වැවිලිහේන පදිංචිකරුවෙකු වු 28 හැවිරිදි තරුණයෙකුගේ බවට හදුනා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මළසිරුර මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා අහංගම ගොන්නගහහේන රෝහල වෙත ගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි