ඇමෙරිකාවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට කොළ එළියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබෙන බව වාර්තාවේ..

අද (13)  පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ අග්‍රාමාත්‍යවරයා දුරකථන සංවාදයක නිරත වු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ඇමරිකා ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට පැහැදිලි කර තිබෙන අතර  ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද අග්‍රාමාත්‍යවරයා එම දුරකථන සංවාදයේ දී පවසා ඇත

Werzuo Digital

Leave a Reply