අඩි 06 පොළව යට සිටිමින් ශ්‍රි ලාංකීය තරුණයෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

අඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් දමා වසා එයට උඩින් ගින්දර දමා පැයක් පමණ කාලයක් එම වල යට තුල සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (09) රාත්‍රීයේ දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකු සමත් වි තිබේ..

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමඩ් මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා මෙම බිහිසුණු ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
මෙම  තරුණයා ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ලබාගෙන රටවල්  27ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයක අධීක්ෂණය යටතේ පැයක් පමණ කාලයක් මේ ආකාරයෙන්  වල යට රැඳී සිටිමින් තම ශක්තිය ලොවට පෙන්වා මෙම ලෝක වාර්තාව තබා තිබේ.
සර්ව ආගමික වතාවත්වල යෙදමින් මෙම තරුණයා ලෝකවාර්තාව  වාර්තාව පිහිටුවීම සඳහා සූදානම් වීම විශේෂත්වයකි.
මෙහිද දී අඩි හයක වලක් කපා ඒ යට රාත්‍රී  ක්‍රියාත්මක වන CCTV කැමරා දෙකක් සවි කොට වළ යට භාවනා යෝගීව වාඩිවී සිටියදී වල මත  ලෑලි දමා පස් වලින් සම්පූර්ණයෙන්ම වසා දමා වල වට දරසෑයක් සකසා පැයක පමණ කාලයක් එක දිගට භූමිතෙල් වත් කරමින් එම සියලු දරසෑය ගිනි තැබීම සිදු කර තිබේ
එම ස්ථානයේ සවි කොට ඇති පුළුල් තිරයක පැයක පමණ කාලය ගෙවී යන ආකාරය නැරඹීම සඳහා පැමිණි අයට ප්‍රදර්ශනය කර තිබිණු අතර එමෙන්ම වල ඇතුලේ ඔහු සිටින ආකාරය පිළිබඳව අධික්ෂණ කමිටුව දැක බලා ගැනීම සඳහා වෙන්ම ස්ථානයක නිරීක්ෂණය ට සුදානම් කොට තිබේ.
මීට පෙර ගිනි  දැල්වීම කින් තොරව මෙයාකාරයෙන් වලක් යට පැයභාකයකට  අඩු කාලයක් සිටිමින් වෙනත් රටක අයකු ලෝක වාර්තාව පිහිටුවා තිබිණි
Werzuo Digital

Leave a Reply