දැඩි උණුසුම නිවමින් ප්‍රදේශ රැසකට වැසි

පවතින දැඩි උණුසුම්කාරී වතාවරණය තරමක් සමනය කරමින් දිවයින පුරා බොහෝ ප්‍රදේශ රැසකට ඊයේ (21) දිනයේ වැසි ලැබිණි.

ඉදිරියේදී උණුසුම්කරී තත්ත්වය තවදුරටත් අවම වී වැසි තත්ත්වය පැවැතිය හැකි බව කාලගුණ අංශ අනාවැකි පල කළේය.

ඒ අනුව උතුරු, නැඟෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම, සබරගමුව පළාත් රැසකට වැසි ලැබී ඇති අතර දකුණු පළාතේ ගාල්ල, මාතර වැසි තත්ත්වයක් වාර්තා විය.

වතුපිටිවලට මි.මී. 84.5ක වර්ෂාපතනයක් හා අවිස්සාවේල්ලට මි.මී. 37.5ක වර්ෂාපතනයක් මෙන්ම බත්තරමුල්ලට මි.මී. 24.5ක් වාර්තා වී ඇත. එමෙන්ම අම්පාර මහ ඔයට මි.මී 42.0ක් ද වවුනියාවට මි.මී 33.1ක් ද මන්නාරමට 33.3ක් ද ඊයේ (21) පස්වරු 5.30 වන විට වාර්තා වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර කොළඹ හා ගම්පහ ප්‍රදේශ රැසකට ද ඊයේ (21) වැසි ලැබී තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයට මාස තුනක සිට පැවැති දැඩි ඉඩෝරය නිම කරමින් ඊයේ (21) දිනය පුරා වැසි ලැබී ඇත. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලටත් ඊයේ (21) දිනයේ වැසි ඇඳහැළී ඇත

Werzuo Digital

Leave a Reply