දියේ ගිලි සිසුන් දෙදෙනා අවසන් ගමන් යයි

යක්කලමුල්ල පොල් අතුමෝදර ගඟේ අතු ගංඟාවක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (17) දහවල් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ යක්කලමුල්ල පොල්පාගොඩ පදිංචි වයස අවුරුදු 11 සහ 14 වන සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා පොල්පාගොඩ විදුහලේ 6 වන සහ 09 වසරේ ඉගෙනුම ලබමින් සිටි බව පොලිසිය පවසයි.

මෘත දේහ දෙක ඉමදුව රෝහලේ තැන්පත් කර ඇති අතර අද සවස කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (18) පැවැත්වීමට නියමිතව තිබේ.

Werzuo Digital

Leave a Reply