පිලිපීන දූපත් කලාපයට රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.4 ක භූමිකම්පාවක් ඇති වූ බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර මෙම භූමිකම්පාවේ අගය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.0 ලෙස සටහන් වූ බවත් පසුව එහි අගය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.6බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය
මෙම භූ කම්පනය සිදු වූ හානි පිළිබඳ ක්ෂණික වාර්තා ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර පිලිපීනයේ මින්දනාවෝ (Mindanao) දුපතේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ (02) සිදුවු අතර ඉන්පසු පිලිපීනය සහ අවට රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කළ ද පසුව සුනාමි අනතුර පහව ගියේය.
පිලිපීනයේ ප්‍රබල භූමිකම්පාවක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු අඟවයි