නේපාලයේ අද (03) රාත්‍රි 11.32 ට පමණ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.4 ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව ඉන්දීය ජාතික භූ විද්‍යා මධ්‍යස්ථානය පැවසීය
මෙම භූ චලනය මධ්‍යම නේපාලයේ හටගෙන ඇති බවත් ඉන්දියාවේ දිල්ලි අගනුවර, හරියානා, බිහාර් ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ගොඩනැගිලි තත්පර කිහිපයක් හෙල්ලී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
භූ කම්පනයත් සමග ගොඩනැගිලි වල සිටි පිරිස් ආරක්ෂාව පතා එළිමහන් ස්ථානවල රැඳී සිටින අයුරු ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ ව තිබේ.
මෙම භූ චලනය චීනය ද දැනී ඇති බව වාර්තාවේ.
මේ අතර මෙම භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.6 ලෙස සහ යුරෝපා භූවිද්‍යා ඒජන්සියේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0 ලෙස සටහන් වී ඇත.
කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි පිළිබඳ ක්ෂණික වාර්තා කිසිවක් ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.