පාකිස්ථානයේ බිහිසුණු බෝම්බ පිපිරීමකින් පසු හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල සිදු වූ බිහිසුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන එම වාර්තා සඳහන් කළේය.

ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටි මෙම ප්‍රාන්තය අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබූ බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලැබූ විශාල පිරිසකගේ තත්ත්වය බරපතල බැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව රෝහල් බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය

ශුද්ධ වූ නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති අතර මේ වන විට තුවාලකරුවන් එරට රෝහල් දෙකක් වෙත ප්‍රවාහනය කරමින් පවතින බව එම වාර්තා සදහන් කලේය.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply