ලිබියානු දරුණු ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 20,000 ක්

නැඟෙනහිර ලිබියාවේ හටගත් දරුණු ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 20,000ක් පමණ විය හැකි බවට මේ වන විට එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මේ අතර මෙම දරුණු ගංවතුර හේතුවෙන් ලිබියාවේ සිදු වූ මරණවලින් බහුතරයක් වළක්වා ගත හැකි ව තිබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.

එහි ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී ‘පෙටේරි තාලස්’ පෙන්වා දෙන්නේ, ආපදා තත්ත්වය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීමට බලධාරීන් පියවර ගත්තේ නම්, මෙවැනි විශාල මරණ සංඛ්‍යාවක් සිදු නොවන බවයි.

ආපදා කළමනාකරණ ඒකකයන් කඩිනමින් ක්‍රියාත්මක වූයේ නම්, පීඩාවට පත් වූ පිරිස් මුදාගැනීමේ හැකියාව ද පැවති බව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ලිබියාව ප්‍රතිවාදී රජයන් දෙකක් විසින් පාලනය වීම තුළ මෙවැනි තත්ත්වයක දී නිසි සම්බන්ධීකරණයකින් යුතු ව ක්‍රියාත්මක වීම දුෂ්කර වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරයි.

Werzuo Digital

Leave a Reply