මැලේසියාවේ ගුවන් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටී 10ක් මරුට (VIDEO)

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට උතුරින් අධිවේගී මාර්ගයකට කුලී ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අධිවේගි මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් හා යතුරු පැදියක් මතට මෙම ගුවන් යානය කඩා වැටී ඇති බව එම වාර්තා සඳහන් කළේය.

මගීන් 6 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලය 2 දෙනෙකු රැගත් යානය ලන්කාවි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව සුල්තාන් අබ්දුල් අසීස් ෂා ගුවන් තොටුපළ වෙත ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply