කොරියාවේ සෝල් අගනගරය ට ආසන්න ප්‍රදේශයකදී තරුණයෙක් විසින් ඊයේ (03) මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක්ව සිය මෝටර් රථයේ හප්පා පසුව ඔවුන්ට පිහියකින් ඇන ඇති බව වාර්තා වෙයි.
“Seongnam” නම් ප්‍රදේශයෙන් වාර්තා වු මෙම සිද්ධියෙන් 14 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මීට සති කිහිපයකට පෙරද එරටින් පිහි ඇනුමක් වාර්තා වූ අතර ඉන් එක් අයෙක් මියගොස් තිදෙනෙක්ට තුවාල සිදුවිය.
මාධ්‍ය වාර්තා සඳහන් කළේ වයස අවුරුදු 20ක් පමණ වූ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු භාණ්ඩ ප්‍රවාහන රැකියාවක නිරතවන යම් මානසික රෝගයකින් පෙළෙන අයෙක් බවත් ය.