චිම්පන්සියෙකු කූඩුවකින් පිටතට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇතිවී තිබේ.
එම වීඩියෝවේ දැක්වෙන්නේ වැනිලා නම් චිම්පන්සියා ප්‍රථමවරට කූඩුවකින් පිටතට පැමිණි අවස්ථාවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම චිම්පන්සියා වසර 28ක් තිස්සේ මෙලෙස කූඩුවක සිරකර තබා ඇති බවය.
කෙසේ වෙතත් සත්ව සංවිධානවල මැදිහත්වීමෙන් පසුව මෙම වැනිලා නම් චිම්පන්සියා කූඩුවෙන් මුදාගැනීමට සමත්ව ඇත.
වැඩිදුර වාර්තා සඳහන් කරන්නේ වර්ෂ 1997දී වසා දමන ලද විද්‍යාගාරයක පරීක්ෂණ සඳහා යොදාගෙන අනතුරුව එම චිම්පන්සියා මෙලෙස කූඩුවක රඳවාගෙන ඇති බවය.
මෙහිදී සිදුවන සුවිශේෂී සිදුවීම වන්නේ එම චිම්පන්සියා කූඩුවෙන් පිටතට පැමිණ තවත් චිම්පන්සියෙකු වැළඳගන්නා අතර අනතුරුව විමතියට පත්ව අහස දෙස බලා සිටීමයි.
මෙලෙස වැනිලා චිම්පන්සියා නිදහස් කර ඇත්තේ ෆ්ලොරීඩාවේ ඇති චිම්පන්සියන් සඳහාම වෙන්වූ අභයභූමියකටය.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්