අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය ගිලෙමින් පවතින බව නවතම අධ්‍යයනකින් හෙළි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
මුහුදු මට්ටම ඉහළ යාමත් සමග නගරයේ සියලු ගොඩනැගිලිවල දැවැන්ත බර දරාගත නොහැකිව එම භූමිය අනාගතයේදී ගිලී යනු ඇති බව පර්යේෂකයන් පවසයි.
මේ වන විට සාමාන්‍ය ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමටත් වඩා දෙගුණයක වේගයකින් නිව්යෝර්ක් නගරය ආසන්නයේ මුහුදු මට්ටම ඉහළ යමින් පවති.
මේ නිසා, 2050 වසර වන විට අඟල් 8 ත් 30 ත් අතර ප්‍රමාණයකින් එහි මුහුදු මට්ටම ඉහළ යනු ඇත.
නගරයේ ඇති දැවැන්ත ගොඩනැගිලිවල බරද මේ තත්වය සෘජුව බලපා තිබේ. මෙය පාලනයට කිසියම් පිළියමක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි විද්‍යාඥයන් පවසයි.