පිපිරීමක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුබද්ධව මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි
පසුගිය ඉරිදා (21) මාලිහි කිදාල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ කඳවුරේ සිට කිලෝ මීටර් 12ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී අදාළ පිපිරීම සිදුකර තිබුණි.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.
ඔවුන් වෙනත් රථ පෙළකට ආරක්ෂාව සපයමින් සන්නාහ රථයකින් ගමන්කරමින් සිටින විට අදාළ ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.