යේමනයේ සානා අගනුවර සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තෙරපීමෙන් තවත් පුද්ගලයින් 322කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ආධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමක් මෙම සිද්ධියට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එක් පුද්ගලයෙකුට ඩොලර් 10ක් බැගින් වූ ආධාර ලබා ගැනීම සඳහා සිය ගණනක් ජනතාව මේ සඳහා එක්ව ඇතැයි වාර්තාවේ.
මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද වන බව සඳහන්ය.
යේමන ජනතාව දුගීභාවයෙන් පීඩා විඳීම හේතුවෙන් ආධාර ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ ඇති අතර එහිදී මිනිසුන් කලබල වී කටයුතු කිරීම හේතුවෙන් තෙරපීම හටගෙන ඇත.
අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝ දර්ශන වලද ආධාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් ඉවසීමකින් තොරව කටයුතු කරන ආකාරය දිස් වේ. තෙරපීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවත් ආධාර බෙදා දීම සංවිධානය කළ පුද්ගලයන් නිසි කළමණාකරනයකින් එය සිදු නොකිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් බවත් හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත .
