සෞදි අරාබියේ ඊයේ (28) සිදුවූ මාරක බස් රථ අනතුරකින් වන්දනාකරුවන් 20 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය
ඉස්ලාමීය ශුද්ධ නගරයක් වන මක්කම වෙත වන්දනාකරුවන් ප්‍රවාහනය කරමින් සිටියදී නිරිතදිග අසීර් පළාතේ පාලමක ගැටී පෙරළී මෙම බසය ගිනිගෙන තිබේ.
බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය පාලමක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව එම වාර්තා සඳහන් කළේය.
බස් රථය පාලමේ ගැටී පෙරළී ගිනි ගැනීම නිසා එහි සිටි මගීන් සිරවී ඇති අතර එරට සිවිල් ආරක්ෂක සහ සහන කණ්ඩායම් තුවාල ලැබූවන් අසීර් කලාපයේ රෝහල් වෙත ඇතුළත් කර තිබේ
මියගිය සහ තුවාල ලැබූවන් අතර විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් සිටින බවත් ඔවුන් අතර සෞදි ජාතිකයන් කිහිප දෙනෙකු සිටින බවද එම වාර්තා සඳහන් කළේ ය.
මෙම මාරක අනතුර සම්බන්ධයෙන් මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය පළකරන බවත් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශෝක ප්‍රකාශ නිකුත් කර තිබේ.