ෆැසිෆික් සාගරයේ පිහිටි සොලමන් දුපතේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය
Buala නගරයේ සිට කිලෝමීටර 73ක් බටහිර වන්නට වු සාගරයේ මෙම භුචලනය හටගෙන තිබෙන බවත් එය පොළවේ සිට කිලෝමීටර 86ක ගැඹුරින් සිදුව ඇති බවත් එම ආයතනය පැවසීය.
කෙසේ වෙතත් මෙම භුචලනයෙන් සැලකිය යුතු මට්ටමේ හානියක් සිදුව නොවන්නට ඇති බවද එම ආයතනය අනාවැකි පල කර තිබේ.
කෙසේ වෙතත් මෙම භුචලනය සොලමන් දුපත් සමූහයට දැනී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.