අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් නියමුවා, සෞඛ්‍ය අංශ සේවකයින් තිදෙනෙකු සහ රෝගියෙකු එලෙස මියගොස් ඇති බවය.
අමෙරිකානු බලධාරින් සඳහන් කරන්නේ, ප්‍රබල හිම කුණාටුවක් මධ්‍යයේ පියාසර කිරීම හේතුවෙන් එම යානය අනතුරට පත්වන්නට ඇති බවයි.
මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති හිමකුනාටු තත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බව අමෙරිකා කාලගුණ විද්‍යා අංශය පවසයි.
අධික හිමපතනයත් සමග දැඩි වර්ෂාපතනයක් ද තවමත් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයට අධික හිම පතනයෙන් සහ අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. බොහෝ ගංගාවල ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.
ලොස්ඇන්ජලීස් නගරයේ සහ ඊට තදාසන්න ප්‍රදේශවල අධික හිම පතනයක් දක්නට ලැබෙන බව, එරට කාලගුණ විද්‍යා අංශ පවසයි. ලොස් ඇන්ජලීස් නගරයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 85,000 කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කරයි.
ගංවතුර හේතුවෙන්, එම නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ද වසා දමා තිබේ.
