පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භුචලනයක්

පැපුවා නිව්ගිනියාවේ නිව් බ්‍රිතාන්‍ය ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබල භූ කම්පනයක් අද (26) සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූමිකම්පාව කිලෝමීටර් 38 ක් (සැතපුම් 23 ක්) ගැඹුරකින් යුක්ත වූ අතර ජනාකීර්ණ නොවන බටහිර නිව් බ්‍රිතාන්‍ය දූපත් සමූහයේ එය වාර්තා වූ බව එම ආයතනය පවසයි.

භූමිකම්පාවෙන් කිලෝමීටර් 80 ක් පමණ දුරින් කිම්බේ අගනුවරට ද කම්පනය දැනි තිබේ.

බරපතල හානි හෝ තුවාල පිළිබඳ දැනට වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

Werzuo Digital

Leave a Reply