ඇමෙරිකාවේ වෙඩි තැබිම් මාලාවකින් නව දෙනෙකු මරුට

ඇමෙරිකාවේ වෙඩි තැබීම් සිද්ධින් තුනකින් සිසුන් දෙදෙනකු ඇතුළු 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ මෙම වෙඩි තැබීම් සිදුව තිබේ.

වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇත්තේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මූන් බේ නගරයේ ගොවිපළවල් දෙකක වන අතර ඉන් හත් දෙනකු මියගොස් තුන් දෙනකු බරපතල තුවාල ලබා ඇත. එහිදී වෙඩි තැබීම් සිදුකළ සැකකරු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

තුන්වෙනි වෙඩි තැබීම අයෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් ප්‍රදේශයේ සිදුව ඇති අතර ඉන් සිසුන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් තුන්දෙනකු තුවාල ලබා ඇත.

මොන්ටෙරි පාර්ක් නගරයේ චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනකු මියගොස් පැය 48 යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම් සිදුව තිබෙන එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply