සංචාරක ආකර්ෂණයක් හිමි පැරණි ලන්දේසි ජනපදයක් වන නැගෙනහිර කැරිබියන් දුපතක් වන සින්ට් මාර්ටෙන් දූපතේ බලධාරීන් විසින් එහි ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම වර්වෙට් වඳුරන් දූපත් වාසීන්ට විශාල කරදරයක් වෙමින් ඔවුන්ගේ වගාබිම්වලට දැඩි හානි සිදු කිරීම නිසා එරට බලධාරීන් මෙම වඳුරන් මරා දැමීමට තීරණය කර තිබේ.
අසල්වැසි ප්‍රංශ ශාන්ත මාටින් දූපතට මායිම්ව ඇති භූමි ප්‍රදේශයේ සිටින මෙම වඳුරන් මරා දැමීමට පෙර 450 දෙනෙකු අල්ලා උන් වෙනත් දූපතකට රැගෙන යෑමට ද නියමිත බවත් එම වඳුරන් 450 දෙනා අල්ලා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහාය ඔවුන්ට හිමිවන බව එම වාර්තා සඳහන් කළේය.
වඳුරන් කැරිබියානු දූපත්වලට පැමිණීම සිදුවූයේ 17 වැනි සියවසේ අප්‍රිකාවෙන් සුරතල් සතුන් ලෙස ගෙන එමෙන් පසු ඔවුන් මෙලෙස ව්‍යාප්ත වි ඇති බවත් වර්වෙට් කැරිබයානු දූපත්වලට ආවේණික සත්ව විශේෂයක් නොවන බවත් එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ