හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අමාත්‍යවරයකු ඇතුළු පිරිසක් මරුට

යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි, රජයේ ඉහළ නිලධාරීන් සහ දරුවන් දෙනෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

හෙලිකොප්ටරය කඩා වැටී පිපිරුමෙන් සහ ගින්නෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුව ඇති බව එම වාර්තා සඳහන් කළේ ය

හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවට අනුමාන කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය

Werzuo Digital

Leave a Reply