බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට තවත් බිත්තර ප්‍රහාරයක්

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 20 හැවිරිදි කරුණයකු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමිවීමෙන් පසු චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ප්‍රහාරය එල්ල වෙද්දී, 74 හැවිරිදි චාලස් රජු උතුරු දිග ලන්ඩනයේ ලුටොන් නගරයේ ප්‍රජා නායකයන් සහ නගර වැසියන් හමුවෙමින් සිටියේය. එල්ල කළ බිත්තරය, රජුගේ සිරුරේ නොවැදුණු බව එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෙර පුවත සඳහා

Werzuo Digital

Leave a Reply