ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළ බව එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ විනිස් නැමැති පිලිපීන බිලිඳියක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
මැනිලා නුවර වෛද්‍ය ජෝස් ෆැබෙල්ලා අනුස්මරණ රෝහලේ හෙදියන් මෙන්ම ජනගහන හා සංවර්ධන කොමිෂන් සභාවේ නියෝජිතයින් විසින් බිලියන අට වැනියා ලෙස උපන් විනිස් බිළිදියගේ උපත සමරා තිබේ.
“ඉතින් අපි ලෝකයේ බිලියන අටවන දරුවා පිලිපීනයේදී දුටුවා. ඒ නිසා අපි ඊයේ රාත්‍රී 11.00 සිට පැය දෙකක් පමණ බලා සිටි අතර අලුයම 1:29 ට පමණ සාමාන්‍ය ප්‍රසූතියකින් ඇගේ මව විනිස් බිළිදිය ප්‍රසූත කළා,” රෝහල් ප්‍රධානීයා ඇතුළු කණ්ඩායම විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
ලෝක ජනගහනය බිලියන හතේ සිට බිලියන අට පසු කිරීමට ගත වී ඇත්තේ වසර 11 ක් යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ලෝක ජනගහනය බිලියන 9 සීමාව පසු කිරීම ඉදිරි වසර 15 ඇතුළත සිදුවනු ඇති බවත්, බිලියන 10 සීමාව පසු කිරීම 2080 වසරේ දී සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මේ වනවිට ලොව වැඩිම ජනහනයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ චීනය දෙවැනි ස්ථානයට පත් කරමිනි.