රැළියක් අතරතුර වෙඩි තැබීමකින් ඉම්රාන් ඛාන්ට තුවාල

පාකිස්තානයේ දේශපාලන රැළියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයට තුවාල සිදුවී ඇති අතර වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද එරට පොලිසිය උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය.

සිද්ධියෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ නායකයන් ඇතුළු තවත් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති අතර තුවාල ලැබු ඉම්රාන් ඛාන් ලාහෝර්හි රෝහලකට රැගෙන ගොස් තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රහාරය පාකිස්තාන අගමැති අගමැතිවරයා ඇතුළු රජය විසින් හෙළා දැක තිබේ

Werzuo Digital

Leave a Reply