බ්‍රිතාන්‍යයේ ලිස් ට්‍රස් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

විශේෂ ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් අගමැති ධුරයට අනුප්‍රාප්තිකයෙකු පත්වන තෙක් ධුරයේ කටයුතු කිරීමට පියවර ගන්නා බවත් කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වීමටද බ්‍රිතාන්‍ය අගමැතිවරිය තීරණය කර ඇති බව එම වාර්තා සඳහන් කළේය.

මහ රැජින සිය අභාවයට පෙර සිදු කළ අවසන් රාජකාරී කටයුත්ත ලෙස අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉවත් වීමෙන් පසු ලිස් ට්‍රස් අගමැති ධුරයට පත් කිරිම සිදුකරනු ලැබුවා.

ඒ අනුව නව අගමැතිවරිය සිය ධුරයේ කටයුතු කරනු ලැබුවේ දින 45ක පමණ කාලයක් පමණයි. මේ අතර කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරි සතියේදී නිලවරණයක් පැවැත්වෙනු ඇති බව ද අගමැතිවරිය ප්‍රකාශ කළාය.

ඇය අගමැති තනතුරේ කටයුතු කරනු ලැබුවේ 45ක් පමණක් වන අතර එය එක්සත් රාජධානියේ ඕනෑම අගමැතිවරයෙකුගේ කෙටිම ධුර කාලය ලෙස සැලකෙන අතර මීට පෙර එරට කෙටිම කලක් ධුරය හෙබවූ අගමැතිවරයා වුයේ ජෝර්ජ් කැනින් වන අතර ඔහු දින 119ක් සේවය කර තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply