හඳුනා නොගත් ඉපැරණි ගල් යුගයේ මෙවලම් ඉන්දියාවෙන් හමුවෙයි.

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනා නොගත් ශිෂ්ටාචාරයකට අයත් පාෂාණ කැටයම් විශේෂයක් සොයාගෙන තිබෙන බව බීබීසී ලෝක සේවය වාර්තා කළේය.

එම කලාපයේ ම ඇති ගල් ගුහාවක, මෙම පාෂාණ කැටයම් හා එම කැටයම් සිදු කළ අතීත මානවයන් පිළිබඳ තොරතුරු කිහිපයක් ම සඳහන් වන බවද එහි සදහන්ය.

බටහිර මහාරාෂ්ට්‍රයේ කොන්කන් ප්‍රදේශයේ කොලෝෂි ගම්මානයේ සිට කිලෝමීටර් 10ක් (සැතපුම් හයක්) පමණ දුරින් මෙම ගල් ගුහාව පිහිටා ඇති බවත් මෙම ගල් ගුහාව පසුගිය වසරේ දී පර්යෙෂකයින් විසින් සොයාගෙන ඇති බවද එම වාර්තා සදහන් කළේය.

ලෝකයේ කොතැනක වත් අපට මෙවැනි පාෂාණ කලාවක් සොයාගත නො හැකි බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ කර ඇති අතර ඉන්දීය මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ වැඩිදුර සොයා ගැනීමට මෙම කෞතුක වස්තු උපකාර විය හැකි බව පුරාවිද්‍යාඥයන් විශ්වාසය පළ කරන බව එම වාර්තා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply