චීනයේ සිචුවාන් පළාතේ සිදුවූ භූ චලනයකින් 21 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ක් ලෙස ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සටහන් වි ඇති බවත් චීන වේලාවෙන් අද (05) පස්වරු 1.00 ට පමණ මෙම භූමි කම්පාව හට ගෙන ඇති බවත් එම වාර්තා සඳහන් කළේ ය.
භූමි කම්පාව හේතුවෙන් සිචුවාන් පළාතේ දුරකථන රැහැන් කඩා වැටී ඇති අතර කඳු නායයෑම් ද සිදුව ඇති බවත් නායයෑම් හේතුවෙන් මාර්ග වලට වැටී ඇති පස් ඉවත් කිරීමට දැනටමත් සහන සේවකයින් යොදවා ඇතැයි චීන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2017 වසරේ එම ප්‍රාන්තයට බලපෑ මැග්නිටියුඩ් 7.0 ප්‍රබල භූ චලනයෙන් පසු සිචුවාන් පළාතට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙය බව චීන බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය.