බැටළුවන් 15,800 රැගෙන සුඩානයේ සිට සෞදි අරාබියාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ඊයේ රතු මුහුදු තීරයේදී පෙරළී යාමෙන් එහි සිටි බැටළුවන් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය
මෙම නෞකාවට දැරිය හැකි බරට වඩා දරාගත නොහැකි අධික බරක් රැගෙන යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සුඩාන බලධාරීන් උපුටා දක්වමින් වාර්තා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ගිලෙමින් තිබෙන නෞකාවේ සිටි බැටලුවන් බේරාගැනීමට බලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කර තිබේ.
සුඩානයේ සුආකින් වරායෙන් පිටත් වූ “බදර් 1” එක නම් මෙම නෞකාව ගිලෙන අවස්ථාවේ එහි සිටි කාර්ය මණ්ඩලය දිවි බේරාගෙන තිබේ.
මෙම නෞකාව මුහුදුබත් වීමෙන් බැටළුවන්ගේ මළකුණු මුහුදට එක් වීමෙන් විශාල පාරිසරික හානියක් මෙන්ම ආර්ථික හානියක් සිදුව ඇති බව සුඩාන බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කරයි.
මුහුදේ ගිලී ගිය මෙම පශු සම්පත්වල මුළු වටිනාකම සෞදි රියාල් 14 ක් (ඩොලර් මිලියන 3.7 ක්) පමණ වන බවත් මෙම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස සූඩාන ජාතික අපනයනකරුවන්ගේ සංගමය එරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ.