සර්කෝන් වර්ගයේ හයිපර්සොනික් කෲස් මිසයිලයක් ප්‍රථම වරට සබ්මැරීනයක සිට සාර්ථක ලෙස අත්හදා බැලූ බව රුසියාව ප්‍රකාශ කළේය.
ආක්ටික් සාගරයේ පිහිටි බැරෙන්ට්ස් මුහුදේ ස්ථානගත සබ්මැරීනයක සිට මෙම මිසයිලය පසුගිය (04) වනදා රාත්‍රියේ ඉලක්කය වෙත සාර්ථකව යොමුකළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.
මිසයිලය ඉලක්කය වෙත ගුවන් ගත කරන අයුරු සදහන් වීඩියෝ පටයක් ද නිකුත් කර තිබේ.
තත්ත්පරයකට සැතපුමක පමණ වේගයක් සහිත මිසයිල හයිපර්සොනික් මිසයිල ලෙස හැඳින්වෙන අතර එය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකි
එවැනි මිසයිලයක් රුසියාව පසුගිය ජූලි මාසයේ යුද නෞකාවක සිට අත්හදා බලනු ලැබුවා
අත්හදා බැලු මිසයිලය
Video එකක් නැද්ද ?
දැනට නැහැ…