ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා තරම් භයානක නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද වෛරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවන බව දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා ප්‍රකාශ කර ඇත…
‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය..
‘ඔමික්‍රෝන්’ විකෘතිය පිටපිට කිහිප වතාවක් ආසාදනය වීමට ඇති හැකියාව ඉහල බව ඒ සම්බන්ධයෙන් තහවුරු වි තිබේ
ඊට අමතරව, මෙතෙක් නිපදවා ඇති ඕනෑම ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතකින් ‘ඔමික්‍රෝන්’ අඩපණ කිරීමට යම්තාක් දුරකට හෝ ප්‍රතිශක්තියක් ලැබෙන බව තම විද්‍යාඥයන් පවසා ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.
කෙසේ නමුත් මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් දත්ත ලැබෙමින් පවතී. එය සිතූ තරම් බිහිසුණු විකෘතියක් නොවන බවත් අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ පෙන්වා දි ඇති බව එම වාර්තා සදහන් කලේය..
Werzuo Digital

Leave a Reply