ලොව රෝග ව්‍යාප්තිය ගැන බරපතළ අනාවරණයක්

විවිධ ලෙඩ රෝග පැතිරීම ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව සිදුවන්නේ මීයන් සහ වවුලන්ගෙන් බවට කාලාන්තරයක් පුරා තිබූ මතය වෙනස් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකට හැකිව තිබේ.

එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙම සත්තුන්ට වඩා මිනිසාගෙන් රෝග සම්ප්‍රේෂණය ඉතා වේගයෙන් සිදු වන බවය.

එංගලන්තයේ University College London හි පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ එම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය විය හැකි බවය.

ඔවුන් සිදුකළ වෛරස් විශ්ලේෂණ අනුව බොහෝ අවස්ථාවන්හිදී එනම් 64% ක දී පමණ වෛරස් මිනිසුන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බව සොයාගෙන ඇත.

එමෙන්ම මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් ද රෝග පැතිරීමට දායක වන බව ඔවුන් පෙන්වා දී ඇත.

එනම් සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, පරිසර දූෂණය වැනි අහිතකර ක්‍රියාවන් හේතුවෙන් වේගයෙන් මිනිසාගෙන් විවිධ ලෙඩ රෝග සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය මිනිසාට මෙන්ම සතුන්ටද තර්ජනයක් වන බව ඔවුන් පවසයි.

ව්‍යාප්ත වන වෛරස නව ධාරකයා තුළ පරිණාමය විය හැකි අතර ඒ අනුව මිනිසාගෙන් සතුන්ටත්, සතුන්ගෙන් නැවතත් මිනිසුන් වෙතටත් පැතිරීම සිදුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.

එය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයන්ට දිගින් දිගටම තර්ජනයක් විය හැකි බව පර්යේක්ෂකයින් පවසයි.

සතුන් සහ මිනිසුන් අතර වෛරස් සම්ප්‍රේෂණය වීම පිළිබඳව සමීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම මගින්, අපට වෛරස් පරිණාමය වන අයුරු වඩා හොඳින් අවබෝධ කර ගත හැකි වන අතර, අනාගතයේදී නව රෝග පැතිරීම් සහ වසංගත සඳහා වඩාත් සූදානම් විය හැකිය බවත් එම පර්යේක්ෂකයින් පෙන්වා දී තිබේ

Werzuo Digital

Leave a Reply