චීනය 5.5G තාක්ෂණය මෙම වසරේ දී හදුන්වාදෙයි

චීනය 5.5G තාක්ෂණය මෙම වසරේදී වාණිජ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෙහිදී චයිනා මොබයිල් හා හුවාවෙයි වැනි සමාගම් එහි පෙරමුණ ගෙන සිටින අතර ලොව ප්‍රථම 5.5G බුද්ධිමත් කේන්ද්‍රීය ජාලය මෑතක දී නිකුත් කෙරිණ.

මෙහිදී අන්තර්ජාල සබඳතා 1 Gbit/s සිට 10 Gbit/s දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර ඊට සමගාමීව ජංගම DOU සේවාව  15 GB සිට 100 GB දක්වා ඉහළ නැංවෙන බව සදහන්ය. එමෙන් ම මෙමගින් ප්‍රමාදවීමෙන් තොර, අංගසම්පූර්ණ සම්බන්ධතාවක අවශ්‍යතාව ද ඉහළ නංවන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply