දකුණේ අග නගරය ගාල්ල

ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති ගාල්ල පුරාණයේ සිට ප්‍රසිද්ධ වූයේ වෙළෙඳ නගරයක් ලෙසිනි. ඉන්දියන් සාගරයේ පිහිටි වරායන් අතර සුවිශේෂ පිහිටීමක් ඇති ගාලූ වරාය පෙරදිග දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඇතැම් විද්වතුන් විශ්වාස කරනුයේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් වන ටාර්ෂිෂ් නගරය ගාල්ල විය හැකි බවයි. ටාර්ෂිෂ් යනු එකල පෙරදිග පැවැති මහා වෙළඳ මධ්‍යස්ථානයක් විය.

ගම්පොළ යුගයේදී ලියැවුණු තිසර මයුර සංදේශයන්හි ගාල්ල ගැන වර්ණනා කර ඇති අතර ගාල්ලේ මෑත ඉතිහාසය ආරම්භ වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බෙන් ගාල්ලට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි.

අතීතයේ වරායට පැමිණෙන භාණ්ඩ ගෙන ආ ගැල් ගාල් කර තිබූ ස්ථානය ගාල, ගාල් වී පසුව ගාල්ල වීයැයි ඇතැමෙක් කියති. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පර්වත බහුලව තිබූ ප්‍රදේශයක් බැවින් ගල් ගාල්ල වූ බවයි.

පෘතුගීසීන් ගාල්ලට පැමිණෙද්දී කුකුළෙකු හඩලනු අසා ගාලෝ ගාලෝ කී බවත් ඒ අනුව ගාලෝ පසුව ගාල්ල වී යැයි ද මතයක් පවතී. එහෙත් බටහිර ජාතීන් ලංකාවට පැමිණීමට පෙර පටන් ගාල්ලට ගාල්ල යන නාමය ව්‍යවහාර වූ බව අපගේ සංදේශ කාව්‍ය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත් ගාල්ල යනු ලොව පුරා ජනප්‍රියවු අතීත වෙළඳ නගරයකි

ගාල්ල ශ්‍රි ලංකාවේ පිහිටි සොඳුරුතම නගරයයි. ඓතිහාසික නගරයක්‌ ලෙස එකී සොඳුරු බවට ගාල්ලේ පිහිටීම හේතු විය.ජාත්‍යන්තර මුහුදු ගමනාගමනය තුළින් සහ ගොඩබිමින් ඕනෑම අයකුට පහසුවෙන් ප්‍රවේශවිය හැකි පරිසරයක පිහිටි ගාල්ල දක්‍ෂිණ ශ්‍රි ලංකාවේ අගනුවරයි…

ඓතිහාසික, පාරිසරික, අධ්‍යාපනික සහ සංස්කෘතික වටිනාකමින් යුත් ස්ථාන රැසක් පිහිටා ඇති ගාල්ල නගරයට ඔබත් ජිවිත කාලයෙදි එක් වරක් හෝ පැමිණ මෙහි සුන්දරත්වය නරඹා එය විඳගත යුතුමය..

Werzuo Digital

Leave a Reply