ටාං හඬ ඇහෙන ටාංගල (රූමස්සල විත්ති 02)

රූමස්සල කන්දේ පිහිටි සුවිශේෂි ස්ථාන පිළිබඳව ගෙන එන දෙවන ලිපියෙන් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ටාංගල ගැනයි.

රූමස්සල කන්දේ පිහිටි කුළුණු කන්දට ආසන්නයේ ඇති විශ්කම්භය අඩි 7 ක් හා උසින් අඩි 5 ක් පමණ වන විශාල කළු ගලක් ටාංගල යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ගලට යමකින් තට්ටු කරන විට පිත්තල භාණ්ඩයකට තට්ටු කිරිමේදි නිකුත්වන හඬට සමාන හඬක් නිකුත් විමයි..

මෙම ප්‍රදේශයේ 95% ක් පමණ විශාල කළු ගල් තලාවලින් හා ගල් කුට්ටිවලින් වැසි තිබුණද වෙනත් කිසිදු ගල් කුට්ටියකින් එවන් හඬක් නිකුත් නොවිමයි. 

ඇතෙමෙකුගේ අදහස වන්නේ මෙම ගල් කුට්ටිය තුල නිධානයක් ඇති බව වන අතර තවත් සමහරෙකුගේ අදහස වන්නේ මෙම ගල් කුට්ටියේ පවතීන පාෂාණ ව්‍යුහයේ ඇති වෙනස්කමක් හේතුවෙන් මෙවැනි හඬක් නිකුත්වන බවයි. 

කෙසේ වෙතත් මෙම ගල් කුළ විනාශ කිරිමේ අවධානමක් මතුව ඇති බව ප්‍රදේශවාසින් සඳහන් කර සිටියේය.මේ වන විටත් ගල පිපිරවිම සඳහා කිසිවෙකු විසින් ගලවටා යටට විඳ ඇති අයුරු එහිදි දැකගත හැකිවිය.

රූමස්සල තවත් සුවිශේෂී ස්ථානයක් සමගින් ඉදිරි ලිපියකදි හමුවෙමු..

✍️ ෆර්හාන් නිසාම්දින් 
Werzuo Digital

One thought on “ටාං හඬ ඇහෙන ටාංගල (රූමස්සල විත්ති 02)

Leave a Reply