ගාල්ල වරායෙන් වාර්තාගත ආදායමක්

පසුගිය 2015 වසරේ ජනවාරි සිට මෙම වසරේ ජූනි දක්වා  කාලය තුල ගාල්ල වරාය රුපියල් මිලියන 3593 ක ලාභයක් ලබා ඇතැයි වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.

මේ අනුව
👉 2015 වසරේ රුපියල් මිලියන 915 ක්ද 


👉 2016 වසරේ රුපියල් මිලියන 1239 ක්ද 


👉 2017 වසරේ රුපියල් මිලියන 1387 ක්ද 


👉 2018 වසරේ රුපියල් මිලියන 1623 ක්ද 


👉 2019 වසරේ රුපියල් මිලියන 1639 ක්ද 


👉 2020 වසරේ රුපියල් මිලියන 1376 ක්ද 


👉 2021ක් ජූනි මස දක්වා මාස හයට රුපියල් මිලියන 426ක්ද  

ලෙස මේ දක්වා මිලියන 8605 ක ආදායම ලබා ඇත.
එම කාලය තුල වියදම රුපියල් මිලියන 5012 ක් වන අතර ඒ අනුව ලබා ඇති ලාභය මිලියන 3593 ක් බවද වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.

මේ අතර ඓතිහාසික ගාලු වරාය වරායක් ලෙස සංවර්ධනය කිරීම සදහා යෝජිත පරිදි  සිදු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගිය දා හිමිවීය.
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය  කිරීම සදහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමි විය.
 මෙහිදී මෙම කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කරනු ලබයි. සම්ප්‍රදායික⁣  සේවාවන්ට සීමා  නොපනවමින් පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය  කර ගනිමින් සිදු කිරීමට වරාය සහ නාවික අමාත්‍යංශය  සැලසුම්  සකස් කර ඇත.
මෙම වරාය සම්බන්ධ ශක්‍යතා අධ්‍යයන සිදු කර ඇති බවත් දැනටමත් යුනෙස්කො සංවිධානයේ අනුමැතිය හිමි  වී ඇති බවත් පසුගිය දා කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි අනාවරණය කෙරිණ .
මෙහි සංවර්ධන අතර දැනට මීටර් 10ක් පමණ ගැඹුරු දිය කඩනය මීටර් 18-20දක්වා ප්‍රමාණයකට ගැඹුරු  කොට ඉදිකිරීම්  සිදු  කෙරේ දළ  වශයෙන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 175 වැය වන බවට ඇස්තමේන්තු සකස්  කර ඇත.
ඒ අනුව කැබිනට් මණ්ඩල  අනුමැතිය හිමි වූ මෙම ව්‍යාපෘතිය මගින් සංචාර කර්මාන්තයේ නියැළී සිටින ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවාවක් සිදුවන අතර, ඉදිරි කාලය තුළ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගෙන අංග සම්පූර්ණ වරායක්  ඉදි කිරීම  අපේක්ෂාවයි..

✍️ ෆර්හාන් නිසාම්දින් 
(ඡායාරූපය අන්තර්ජාලයෙන්)

Werzuo Digital

Leave a Reply