පැය 48ක් තුල හම්බන්තොට දී වන අලි පහරදිමෙන් දෙදෙනෙකු මරුට

ඊයේ (12) සහ පෙරේදා (11) හම්බන්තොට සිදුවූ වන අලි ප්‍රහාරවලින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අම්බලන්තොට කොගල්ල මදුනාගල මාර්ගයේදි 58 හැවිරිදි අයෙකු ඊයේ (12) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය අය ගොවිතැන් කටයුතුවල නිරතවන කොගල්ල මදුනාගල මාර්ගයේ අඩි 60 අතුරු මාර්ගයේ පිහිටි කුඹුරේ සිට යතුරු පැදියෙන් මදුනාගල හංදිය වෙත ඊයේ රාත්‍රියේ පැමිණෙමින් සිටියදි වන අලි ප්‍රහාරයට ලක්ව මෙලෙස මියගොස් ඇත.

මේ අතර හම්බන්තොට දකුණු කඩවර රන්දියගම ප්‍රදේශයේදී පෙරේදා (11) රාත්‍රියේ 58 හැවිරිදි ගොවියෙකු  වගා ඉඩමට ගොස් සිටියදි වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෘත දේහ හම්බන්තොට රෝහලේ තැන්පත් කර ඇත.

Werzuo Digital

Leave a Reply