වෙල් යායක දමා ගිය බිළිඳෙකු පොලිසිය බේරාගනි

පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ රෙදි කැබල්ලකින් ඔතා දමා ගොස් සිටි බිළිදකු අද (02) පෙරවරුවේ බේරාගත් බව පොල්පිතිගම පොලීසිය පවසයි.

වෙල්යාය සීමාවේ ගමන් ගත් කාන්තාවකට බිළිදෙක් අඩන ශබ්දය සොයා බැලීමේදී මෙම දරුවා දැක ඇත. පසුව ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් බිළිඳා බේරාගෙන පොල්පිතිගම මුලික රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

පසුව රෝහල් කාර්යය මණ්ඩලය වහාම දරුවා පිරිසිදු කිරිමීට පියවර ගෙන තිබේ.

කිරි නොමැතිව කුස ගින්න හමුවේ හඩා වැටෙන අවස්ථාවේ දී පොල්පිතිගම පොලීසියේ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු මවුකිරි දීමට කටයුතු කර තිබේ.  

Werzuo Digital

Leave a Reply