ලෝකයේ මෙතෙක් හමුවු විශාලතම Goldfish මාළුවා ප්‍රංශයේ විලකින්

ලෝකයේ මෙතෙක් හමුවු විශාලතම ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙකු අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයකු සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් ප්‍රංශයේ බ්ලූ වෝටර් විලේ මසුන් අල්ලමින් සිටියදී මෙම මාළුවා අසු වී ඇත.

මෙම යෝධ මාළුවා බරින් කිලෝග්‍රෑම් 30 ක් පමණ වන අතර, ලොව මෙතෙක් විශාලතම ගෝල්ඩ් ෆිෂ් මාළුවා ලෙස හඳුනාගෙන සිටි මාළුවාට වඩා බරින් කිලෝ ග්‍රෑම් 13 ක් බරින් වැඩි බවද එම වාර්තා කළේය.

කෝයි සහ ලෙදර් කාෆ් මසුන් දෙවර්ගයේ දෙමුහුම් ප්‍රභේදයකට මෙම මාළුවා අයිති වන බවත් මෙම මාළුවා අල්ලා ගැනීම සඳහා විනාඩි 25 ක් පමණ වෙහෙස වීමට සිදු වූ බවද එම වාර්තාවේ සදහන්ය.

තවමත් මෙය නිල ලෝක වාර්තාවක් නොවූවත් ලෝක වාර්තාව උසුලන මාළුවාට වඩා කිලෝ ග්‍රෑම් 13ක් බරින් වැඩි බැවින් මෙම මාළුවාට පවතින ලෝක වාර්තාව බිඳ දැමිය හැකි බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply