WhatsApp මැසේජ් සඳහා සංස්කරණ පහසුකම

WhatsApp මෘදුකාංගය මගින් යවන ලද පණිවිඩයක් විනාඩි 15ක කාලයක් තුල සංස්කරණය කිරීමේ හැකියාවක් සහිත නවතම පහසුකමක් Meta සමාගම ලබා දී තිබේ

ඒ අනුව යම් ග්‍රාහකයෙකු යවන ලද පණිවිඩයක් විනාඩි 15ක කාලයක් තුල සංස්කරණය කිරීමේ හැකියාව ලබාදි තිබේ. මීට පෙර, WhatsApp විසින් ඉඩ ලබා දී තිබුනේ පණිවිඩ මකා දැමීමට පමණයි

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් සිදු කරනු ලැබූ ඉල්ලීම සලකා බලා මෙම සංස්කරණ පහසුකම ලබා දුන් බවයි මෙටා සමාගම පවසයි.

මෙම පණිවිඩ සංස්කරණය කිරීමේ පහසුකම මෘදුකාංගයේ ඉදිරි යාවත්කාලීනයෙන් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් එම සමාගම සඳහන් කළේය.

Leave a Reply