Whatsapp අලුත් පහසුකමක් හදුන්වාදෙයි

මෙටා සමාගම සතු Whatsapp යෙදවුම පරිශීලකයින්ට නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

ඒ තුළින් පරිශීලකයින්ට තම යහළුවන්ට හිතවතුන්ට Video Note යොමු කිරීමට හැකියාව ලැබෙන බව එහි සදහන්ය.

තත්ත්පර 60ක Video Note එකක් යොමු කළ හැකි බව එම සමාගම ප්‍රකාශ කර තිබේ.

Whatsapp Chat එකක් තුළ ඇති Voice සංකේතය හරහා Voice Note එකක් යොමුකරන ආකාරයටම එහි ඇති Camera සංකේතය හරහා අදාළ Video Note ‌යොමු කළ හැකි බව එම සමාගම සදහන් කළේය.

මෙලෙස යොමු කරන පණිවුඩය වෙනත් කෙනෙකුට ආපසු යැවිය නොහැකි ආකාරයට (Forward) හා අතිශය පෞද්ගලික බවින් යුක්තව තමයි එය සකස් වී තිබෙන බවද සදහන්ය.

Leave a Reply