UAE සහ ඕමානයේ රැකියා සදහා එජන්සි හරහා ලියාපදිංචිය අත්හිටුවයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හා ඕමානයේ රැකියා සඳහා යන පුද්ගලයින්ට විදේශ රැකියා නියෝජිත ආයතන මගින් ලියාපදිංචි වීම අද (11) සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා හා පිරිසිදු කිරීමේ රැකියා සඳහා කාන්තාවන් ලියාපදිංචිය, කාන්තාවන් සංචාරක වීසා ලබාගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා යාමේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිට වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කර තිබේ.

දින 45 ක් ඇතුළත රැකියා සඳහා මෙරටින් පිටව  යන අයගේ විස්තර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලබාදිය යුතුව තිබුණ ද, ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන ඒ පිළිබඳව විස්තර ලබානොදීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගෙන ඒවායෙහි ලියාපදිංචිය මෙලෙස තාවකාලිකව අත්හිටුවා තිබේ.

Leave a Reply