නීතිවිරෝධී යතුරුපැදි තරගයක යෙදුණු 8ක් අල්ලයි

බම්බලපිටිය මුහුදු මාර්ගයේ නිසි අවසරයකින් තොරව යතුරුපැදි ධාවන තරගයක නියැලුණු තරුණයින් 8 දෙනෙකු සහ යතුරුපැදි 5ක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටිය මුහුදු මාර්ගයේ එම යතුරුපැදි ධාවන තරගය සංවිධාන කර තිබු අතර TikTok මගින් අද (14) අලුයම් කාලයේ තරුණයින් මීට කැඳවාගෙන ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම නීතිවිරෝධී ලෙස යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඔවුන් TikTok සමාජ මාධ්‍යට එක්කර තිබේ.

මාර්ගයේ ධාවනය වූ රථවලට සහ පදිකයින්ට බාධා වන අයුරින් යතුරුපැදි විශාල ප්‍රමාණයක් එලෙස මාර්ගයේ ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී TikTok මගින් ඔවුන්ව මෙම ප්‍රදේශයට කැඳවා තිබූ බවට අනාවරණය වී ඇත

අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 17 හා 23 අතර පසුවන බත්තරමුල්ල කිරිබත්ගොඩ පිළියන්දල මොරටුව මඩපාත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ

Leave a Reply