ටික්ටොක් විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ටික්ටොක් භාවිතා කරන සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම අදාළ වන නීති සහ ප‍්‍රමිතීන් ඇතුලත් ප‍්‍රජා මූලධර්ම මින් හඳුන්වාදී ඇති බව එහි සදහන්ය.
ටික්ටොක් පරිශීලකයින් සඳහා ආරක්ෂිත වටපිටාවක් පවත්වාගෙන යාමටත් එහි හැසිරිය යුතු ආකාරය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමටත් මෙම ප‍්‍රජා මූලධර්ම පරිශීලකයින්ට උපකාර කරනු ඇත.
ටික්ටොක් හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ අප්‍රේල් 21 දින සිට ක‍්‍රියාත්මක වන අතර මෙම යාවත්කාලීන කරන ලද නීති සහ ප‍්‍රමිතීන් ඵලදායී ලෙස බලාත්මක කිරීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ පරිපාලකයින්ට අමතර පුහුණුවක් ද ලබා දෙනු ඇත.
එහිදී හඳුන්වා දුන් ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් පහතින්
- ටික්ටොක්, ඒඅයි (AI) තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද හෝ වෙනස් කරන ලද අන්තර්ගතයක් වන කෘතිම මාධ්‍ය ((synthetic media) හමුවේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව නීති හඳුන්වා දෙයි.
- ටික්ටොක් වෛරී ප‍්‍රකාශ සහ ද්වේෂ සහගත හැසිරීම් වලින් සුරක්ශිත කිරීම සඳහා ‘ට්‍රිබෙ (tribe)’ හඳුන්වාදෙයි.
- මෙහිදී විනිවිදභාවය සහතික කිරීමට ද මූලිකත්වය දෙනු ලබයි.