TikTok කරන්න ගොස් ඔරුව පෙරළි සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

මඩලකලපුව නාවල්අඩි කළපුවේ දී සිසුන් හයදෙනෙක් ගමන්ගත් ඔරුවක් පෙරළී අනතුරකින් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 18 සිසුන් දෙදෙනෙකි.

අද (08) දහවල් මඩකලපුව සීලාමුනේ ප්‍රදේශයේ සිට නාවල්අඩි ප්‍රදේශයට මෙම සිසුන් පැමිණ ඇති අතර පසුව ඔවුන් හයදෙනා නැවත සීලාමුනේ බලා පිටත්වීමට ගොඩට පැමිණෙමින් තිබිය දී ඔරුව පෙරළී එයට යටවී ඇතැයි වාර්තා වේ.

එහිදී ඔරුවේ ගමන්ගත් සිසුන් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත

මෙම සිසුන් ටික්ටොක් වීඩියෝවක් සැකසීම සඳහා මෙලෙස ඔරුවකින් ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

Leave a Reply