SMS පණිවිඩයක් නිසා පෙම්වතියට කැත්තෙන් පහරදුන් සැකකරු රිමාන්ඩ්

කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව පැවසෙන 40 හැවිරිදි පුද්ගලයෙකු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කාන්තාවගේ ජංගම දුරකථනයේ සටහන්වී තිබූ කෙටි පණිවුඩයක් හේතුවෙන් මෙම ආරවුල ඇතිවී තිබේ. එම ආරවුල දුරදිග යෑමෙන් ඉකුත් 12 වනදා අලුයම් කාලයේදී කාන්තාවගේ නිවසේ ඉදිරිපස ජනේලයේ වීදුරුව කඩා නිවසට ඇතුළුවී තිබූ සැකකරු, කැත්තකින් පහරදී ඇයට බරපතළ තුවාල සිදුකර ඇත.

එම සිද්ධියෙන් අනතුරුව සැකකරු පොලීසිය වෙත ගොස් භාරවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply